ලොකේෂන් කුඩු මල්ලී පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැකකෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කලක 
පටන් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකළ බවය.

සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලීසියට අධිකරණයෙන් අවසරදී තිබේ.

Leave a Reply

Your email address will not be published.