අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු අයට විශේෂයි

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු. 2,500 දීමනාව මෙලෙස ලබාදීමට නියමිතය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක්ද ලේඛනවලට ඇතුළත් වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බවය.

කෙසේ වෙතත් අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රු. 2,500ක දීමනාවට හිමිකම් කියන, එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කළ 2023 ජූලි මස සිට මේ දක්වා එම ප්‍රතිලාභ නොලැබූ සියලුදෙනාට ද හිමි හිඟ මුදල් සමඟ එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ තමා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළ කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.