2024 මැතිවරණ ගැන ඉඟියක්

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසමට දැනුම්දුන් බවයි.

මෙම වසරේදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන අතර එළැඹෙන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුලදී එය පැවැත්වෙනු ඇතැයි වාර්තා විය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳ සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර එසේ පවත්වන්නේ නම් මහ මැතිවරණය අගෝස්තු මාසයට පෙර පැවැත්විය යුතු වෙයි.

Leave a Reply

Your email address will not be published.