පාතාලයට උදව් කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ චීවරධාරියා “බූරු මූණා” ට පොලීසියෙන් පළා යෑමට ද උදව්කළ අයෙක් බව පොලීසිය පවසයි.

2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරු මූණා” නැමැති රවිඳු සංඛ ද සිල්වා නම් අපරාධකරු, හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළේය.

මේ අතර අදාළ චීවරධාරියා ද සමගින් ඊයේ (04) දිනයේදීත් අපරාධ කල්ලි සඳහා ආධාර අනුබලදුන් සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published.