ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.