ඉරානයට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයට සහාය නොදෙන බව අමෙරිකාව කියයි

ඔපරේෂන් ටෘෘ ප්‍රොමිස් නමින් ඉරානය එල්ල කළ ප්‍රහාරවලට නිසි කාලය පැමිණි විට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති පසුබිමක අමෙරිකාවද ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව අමෙරිකාව පවසන්නේ ඉරානයට එරෙහි කිසිදු ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලයට සහාය නොදක්වන බවය.

එසේ නොවුනහොත් කලාපය තුළ පාලනය කළ නොහැකි යුදමය තත්ත්වයක් උද්ගත විය හැකි බව අවධාරණය කරමින්.

මැද පෙරදිග කලාපයේ යුද බියක් මවමින් ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සිය ගණනක් එල්ල කළේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේදීය.

කෙසේ වුවද ප්‍රහාරවලින් සියයට 99ක්ම වැළැක්වීමට ඊශ්‍රායලය සමත්වුණි.

මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම් සමනය වී තිබුණත් සුදුසු කාලය පැමිණි විට ඉරාන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය පවසයි.

සෙනසුරාදා ප්‍රහාර සඳහා ඉරානයට ඩොලර් මිලියන 38ත්- 62ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන්නට ඇති අතර ප්‍රහාර වැළැක්වීම සඳහා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 1.35ක පිරිවැයක් දැරීමට සිදුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.