හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි ඇයට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා විසින් කාන්තාවකට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි පෙත්සමෙන් පෙන්වාදී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published.