මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ SI සහ සාජන් CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙකි.

ඔවුන්ව ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.