මගේ හීන මහා ලොකුයි මම පොඩිකාලේ ඉදන්ම ආසවක් තිබ්බේ රටම දන්න කෙනෙක් වෙන්න

කවුද මේ සුසාන් කියන්නේ ?

මගේ නම රණසිංහ ආරච්චිගේ සුසාන් මාලින්ද පෙරේරා මගේ වයස දැනට අවුරුදු 24යි.මගේ ගම කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල .පවුලේ විස්තර කිව්වොත් මගේ පවුලේ අම්මායි,තාත්තායි,අක්කයි,නංගි,මල්ලියි.මම පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා O/L වෙනකන් ගියේ ගමේ පාසලට බප/පිළි/ආනන්ද සමරකෝන් මහ විද්‍යාලය වෑවල , A/L කලේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය.එමෙන්ම මම උසස් අධ්‍යාපනය සඳහා PSB University Cambodia විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය හා ව්‍යාපාර කළමනාකරණය අවසන් වසර උපාධියක් හදාරමින් සිටින අතර පෞද්ගලික ආයතනයක විධායක මෙහෙයුම් කළමනාකරුවකු හැටියටද සේවය කරමින් සිටිනවා.

තරුණයකු විධියට ඔබ නිරූපණ ක්ෂේත්‍රයට එන්න හිතුනේ ඇයි ඇත්තටම ?

ඇත්තටම කිවුවොත් මම පොඩිකාලේ ඉදන්ම කැමති කොහේ ගියත් මාව high light වෙලා පේනවට ඉතින් මම දැක්කා ෆේස් බුක් එකේ Top Models by Trikala Darani academy එක පිළිබඳව පළ වෙලා තියන post එකක් ඉතින් මම නිකමට apply කරලා බැලුවා.ඊට පස්සේ මම academy එකට joing වෙලා නිරූපණය කියන්නේ මොකද්ද ඒ පිළිබඳව තිබෙන හැම දෙයක් පිළිබඳව ඉගෙන ගෙන Final Graduation day එකටත් ඇවිත් අවසන් 50 දෙනාටත් ඇවිත් 15 දෙන අතරටත් ඇවිත් Best Photograph Title එක ජයග්‍රහණය කිරිමටත් හැකි වුනා.ඊට පස්සේ මට මුල්ම නිරූපණ අවස්ථාව හමු වුනා ඒ ප්‍රසිද්ධ ගායක Thiwanka Dilshan ගේ “මුකුලු කලා” ගීතයට නිරූපණය කිරිමට අවස්ථාව හමුවුනා.ඒ වගේම pageant වලට දායකත්වය ලබා දීමටත් හැකියාව ලැබුනා.

මේ දවස් වල වැඩකටයුතු කොහොමද ?

ඔව්,මේ දවස් වලනම් මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන් විශේෂ නිරූපණ තරඟයකට සහභාගි වී සිටිනවා.ඔයාට ඒ පිළිබඳ ඉදිරියේදී දැන ගැනිමට පුළුවන්.

ඔයා ළඟදී සහාභාගි වුන තරඟ මොනවාද ?

ඔව්, මම ළඟදී සහභාගි වුනේ Mr. & Miss Sri Lanka 2024 🇱🇰 තරඟයට එහි දී audition වලින් select වෙලා අවසන් තරඟකරුවන් 20 දෙනා අතරටත් තේරී අවසන් Grand Finale එකේ Best Talant Title එකත් ජයග්‍රහණය කිරීමටත් අවුරුදු කුමරා තරඟ වලින් ජයග්‍රහණ ලබා ගැනිමටත් හැකියාව ලැබුනා.

*ජිවිතේ වැඩියෙන්ම සතුටු හිතුන දවස් මොනාද ?

මට ගොඩක් සතුටු හිතුනේ මම ජිවිතේට ලැබුනු තරඟ අභියෝග ජය ගත්ත දවස් ඒ දවස් මට අමතක වෙන්නෑ මම ගොඩක් සතුටු වුනා.එක දෙයක් කියන්න ඕනේ මම කුමන හෝ දෙයකට අත ගැහුවොත් ඒ දේ සාර්ථකව අවසන් කීරිම මගේ එකම අරමුණ…

ඔයා ජිවිතේට මුහුණ දුන්න අභියෝග මොනවද ?

ඇත්තටම කිවුවොත් මම සාමාන්‍ය පවුලක ළමයෙක් එත් මගේ හීන මහා ලොකුයි.මම පොඩිකාලේ ඉදන්ම ආසවක් තිබ්බේ රටම දන්න ජනප්‍රිය වැදගත් පුද්ගලයෙක් වෙලා මගේ රටේ නම ලෝකේට ගෙනියන්න.ඒ වගේම මගේ හීන යන්න ඒවා ජය ගන්න ඒ හීන සෑබැ කරගන්න හදනකොටම එන ප්‍රශ්න කඩාගෙන වැටෙන්න නොදී ඒ අභියෝගයක් විදියට භාර ගෙන කොහොම හරි ගේම ගහනවා කියන ඒක මාරම හැගිමක්..
රඟපාන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කියන්නේ ?

මම රඟපාන්නත් ගොඩක් ආසයි.අවස්ථවක් හම්බුනොත් එකත් මගේ උපරිම දක්ෂතා පෙන්නන්න අවස්ථාවක් කර ගන්නවා.

මේ තරම් ගමනක් එන්න උදව් කරපු පිරිසක් එහෙම ඉන්නවාද ? මතක් කරමු ඒ පිළිබඳව ?

මුලින්ම කියන්න ඕනේ මගේ අම්මයි , තාත්තායි ඒ දෙන්නා මාව තියන්න පුළුවන් උසම තැන තියන්න උත්සාහා ගත්ත දෙන්නේක් ඒ වගේම මගේ සහොදරයෝ , නෑදෑයෝ මගේ ළගින්ම හිටපු මගේ හොඳම යහළුවා හෂාන් ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මගේ පස්සෙන්ම ඉදගෙන හරි වැරැද්ද පෙන්නලා දීපු මගේ ආදරවන්තියවත් මතක් කරන්න ඕනේ.නිරූපණ ක්ෂේත්‍රයට මුලික අඩිතාලම වුනේ ත්‍රිකලා මිස් හා නිර්මාල් සර් ,රෝසෑන් මිස්ව යන අය මට ලොකු ශක්තියක් උනා මගේ ගමනට.
අද සිටින තැන ගැන ඔබට ලැබුනු අවස්ථා ගැන සුසාන්ගේ අදහස මොකද්ද ?

අවස්ථවන් ජයග්‍රහණයන් ලබා ගන්න හරිම ආමාරුයි.ඒ වුනත් ඒවා ලබා ගන්නා මාවතේ ගමන් කිරීමේදී ලැබෙන අභියෝග ජය ගන්න අපහසුයි.නිරූපණ ක්ෂේත්‍රයේදී විවිධ පැජන්ට් ,ෆැෂ්න් ශෝ ,තරඟ එනවා ඒවාට මුහුණ දීලා ජයග්‍රහණය කරන්නත් නිරූපණ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published.