බූරු නිරෝෂා පොලිස් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් ලෙස සුප්‍රසිද්ධ කාන්තාවක් වන නිරෝෂණී ප්‍රදීපිකා නමැත්තිය අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

ඒ, ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී ය.  

පොලීසිය සඳහන් කළේ ඇයව “බූරු නිරෝෂා” නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බවය.

ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 810ක් සොයාගෙන ඇත.

එසේම ඇය පදිංචිව සිටි මාළඹේ පිහිටි නිවසක තිබී හෙ‍රොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 430ක් ද සොයාගෙන තිබේ.

සැකකාරියට සහාය දැක්වූ පුද්ගලයෙකුවද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් සැකකාරියගේ ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ‍ගෙන ඇත.

මෙම සැකකාරිය මීට ‍‍පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිට නිදහස් වී පැමිණ සිට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.