දෙදරු පියා කපා කොටා ඝාතනය කරලා

මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන ගාල්ල තොටගොඩ කුරුන්දකන්ද ප්‍ර දේශයේ තිදරු පියෙකු  නිවස තුල නිදාගෙන සිටියදි අද (09) කඩුවකින් පහරදි  ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වියේ පසුවන හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චිමල්ලි  නැමිත අනුවර්ත නාමයෙන්  හදුන්වන අයෙකි.

මෙකි ඝාතනයට සම්බන්ද සැකකාර පුද්ගලයා විසින්  ඝාතනයට ලක්වු පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාටද කඩුවෙන් පහරදි ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.