දකුණේ පාතාලය තවත් ජීවිතයක් බිලිගනී

අහුංගල්ලේ ඊයේ (08) සිදුකළ වෙඩිතැබීමෙන් 54 හැවිරිදි කුරුඳු කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා දකුණේ සිදුකළ ඝාතන සහ අපරාධ කිහිපයක සැකකරුවෙක් ලෙස සැලකෙන ‘බබා’ නමැත්තාගේ පියා බවය.
 
දකුණේ පාතාල කල්ලි දෙකක් වන “කොස්ගොඩ සුජී” සහ “රත්ගම විදුර” පාර්ශ්ව අතර පවතින ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.
                
අහුංගල්ලේ, ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී 7.40ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තවත් පුද්ගලයෙක් සමග පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේය.

මෙහිදී ඝාතනය කර තිබුණේ කීර්තිසේන ආබෲ නමැත්තෙකි.
 
වෙඩි ප්‍රහාරයෙන් හිසට දරුණු තුවාල සිදුවූ කීර්තිසේන බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.