අයහපත් කාලගුණය විශාල පිරිසක් පීඩාවට

2022 වසරේ ඇරඹි රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම රුසියාවේ වෙනත් රැකියාවන්හි නිරතවූවන්ද එක්ව ඇති බව මේ වනවිටත් තහවුරුවී තිබේ.

එලෙස එහි යුද පෙරමුණේ සිටින කිහිපදෙනෙකුම “අද දෙරණ” අමතමින් තමන් මුහුණදෙන කටුක අත්දැකීම් මෙලෙස පැහැදිලි කළහ.

රුසියාව යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකික සෙබළෙක්,

“ඩ්‍රෝනවලින් බොහොම අමාරුවෙන් බේරෙන්නේ. එනවා ඔළුව උඩටම. මම ඊයේත් බොහොම අමාරුවෙන් බේරුණේ. කිව්වට තේරෙන්නේ නෑ ඒක ඔයාලට. අපිත් එක්ක ආපු පස්දෙනෙක් තුවාල වෙලා. එක්කෙනෙක් මැරිලා. අනේ දෙයියනේ කියලා ගෙන්න ගන්න බලන්න කියන්න. බොරු කියලා මුං අපිව ගෙන්නලා මේ ලයින් එකට දාලා තියෙන්නේ ඉස්සරහම. ඒකයි වැඩේ. වැටෙනවා මම යනවා.”

අම්පාර, මිහිඳුපුර ගම්මානයේ පදිංචි ඒ. ඩි. එස්. නිරෝෂ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වූ අතර ඔහුද ආර්ථික අපහසුතා හේතුවෙන් පසුගිය මාර්තු 14 වනදා රුසියාවට ගොස් ඇති අයෙකි.

රුසියානු යුද පෙරමුණේ සිටින නිරෝෂ,

“අපි ඔක්කොම ගෙන්න ගන්න කියලා තමයි කියන්නේ ලංකාවට. මුන්ගේ තියෙන්නේ මහ අමානුෂික පැත්තක්. අපි දන්න කියන තුන්දෙනෙක්. පඩි ඉල්ලලා ට්‍රේනින්වෙන්න බැහැ කිව්වා කියලා කෙළින්ම ලයින් එකට අරගෙන ගිහිල්ලා දාලා. ඊට පහුවෙනිදා ඒකට්ටිය ලයින් එකේදීම නැතිවුණා. කිසිකෙනෙක් ඉතුරු වුණේ නැහැ. පුළුවන් දෙයක් කරලා අපිව ලංකාවට ගෙන්න ගන්න කියලයි අපේ ඉල්ලීම.”

Leave a Reply

Your email address will not be published.