ඉරාන ජනපතිගේ අවසන් කටයුතු සිදුකෙරේ

ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ නිල අවමංගල්‍ය කටයුතු ටෙහෙරාන් අගනුවර දී අද පැවැත්වුණි.

මියගිය ඉරාන ජනාධිපති ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට එක්වූ රාජ්‍යය නායකයින් අතරේ හමාස් නායක ඉස්මයිල් හනියේද සිටීම විශේෂත්වයකි.

මෙරට විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ද ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්විය.

ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත ජනකායක් ද බිර්ජන්ඩ් නගරයට රැස්වී සිටියේ ය.

ඒ අනුව 2021 වසරේ ඉරාන ජනාධිපති ලෙස පත් දැඩි මතවාදී නායකයෙක් වන ඉරාන ජනාධිපති ආචාර්ය රයිසිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණි.

ඒ ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදීය.

Leave a Reply

Your email address will not be published.