නෝවා ප්‍රහාරය සිහි කරමින් නිර්මාණයක්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස 7ක කාලයක් ගත්වී තිබුණත් යුද ගැටුම් තවමත් ලොව පුරා පුවත් මවන මාතෘකාවකි.

එවන් තවත් සිදුවීමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා විය.

ඒ, යුද ගැටුම් ආරම්භයට මුල් වූ නෝවා සැණකෙළිය ඉලක්ක කළ ප්‍රහාරය සිහිපත් කරමින් කළ නිර්මාණයක් පිළිබඳ පුවතකි.

මෙම නිර්මාණය සිදුකර ඇත්තේ අමෙරිකානු කලාකාරිනියක් වන මොන්ටානා ටකර්ගේ ප්‍රධානත්වයෙනි.

ඊට එක්වූ පිරිස ඊශ්‍රායල නර්තන ස්ටුඩියෝවේ වෘත්තීය නර්තන ශිල්පීන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම නර්තන අංගය නෝවා නමින් නම් කර තිබේ.

නෝවා සංගීත සැණකෙළියට එල්ලවූ ප්‍රහාරයෙන් 300 ඉක්මවූ පිරිසක් මියගොස් තිබුණි.

ඊශ්‍රායල නර්තන ස්ටුඩියෝවේ සාමාජිකයින් තිදෙනෙකුද ඒ අතරට අයත් ය.

මෙම පිරිස මෙම නර්තනය නිර්මාණය කර තිබුණේ ඔවුන් සිහිපත් කරමිනි.

මොන්ටානා ටකර් ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා හඬනඟන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියකි.

ඇය පවසන්නේ ඔක්තෝබර් 7 ප්‍රහාරය ලෝකය කිසිදා අමතක නොකළ යුතු බවය.
 

Leave a Reply

Your email address will not be published.