දුම්රිය වර්ජනය දිගටම

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබිණි.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව විසින් ගත් තීරණයක් නොවන අතර සංගමයේ ලේකම්වරයා විසින් ගත් තීරණයකට අනුව වර්ජනය සිදුකරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.