දුම්රිය ගමන්වාර 35ක් අවලංගු වෙයි

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද (09) උදෑසන දුම්රිය ගමන්වාර 35ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසා සිටියේ, වැඩවර්ජනය තුන්වන දිනටත් අද ක්‍රියාත්මක වන බවය.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර ඒ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්ය.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.