සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ සැරයන්ගේ වැඩ තහනම්

ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම්  ලබාදෙමින් දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරය මගින් අඩු මුදලට සහල් සහ සිල්ලර භාණ්ඩ  ලබාදිය හැකි බව පවසා  සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවමින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටුව පොලිසියේ සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

වැඩ තහනමට ලක්වූ      පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියට අනුයුක්ත මුදල් අමාත්‍යාංශ මුරපොළේ රාජකාරි  නිරත වූවෙක් බවත් පොලිසිය කියයි.

 සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වෙනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි

Leave a Reply

Your email address will not be published.