ඔක්තෝබරයේ සිට වාහන ගෙන්වන්න අවසර

ලබන ඔක්තෝබර මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පළමු අදියර යටතේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා භාවිත කරනු ලබන වාහන සහ බර වාහන මෙරටට ගෙන්වීමට නියමිතය.

මීට පෙර ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබූ අතර එම යෝජනාව මෙලෙස ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා භාවිත කරනු ලබන වාහන සහ බර වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමෙන් පසුව යතුරු පැදි සහ ත්‍රිවිල් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඉන් පසුව පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන මිල පරාසයක් මත පදනම්ව කුඩා මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසරය ලැබෙනු ඇති බවත් අවසාන කාණ්ඩය ලෙස සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී වාහන සඳහා අවසරය ලබාදීම සිදු කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published.