විදුලි රැහැන් කණුවක් ඇඟට වැටී පුද්ගලයෙක් මරුට

විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී ය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීමෙන් මෙම මරණය සිදුවී ඇත.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි අඹගමුව උඩබුලත්ගම පදිංචි කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.
 

Leave a Reply

Your email address will not be published.