බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් මරුට

කයිට්ස් කුරිකට්ටුවාන් ජැටිය ආසන්නයේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ නාගදීප දුපත වෙත කළු ගල් දැමූ උර ප්‍රවාහනය කරමින් සිටියදී බෝට්ටුව පෙරළීමෙන්  එම අනතුර සිදුව ඇති බවය.

එම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු එලෙස මියගොස් තිබේ.

අනෙක් පුද්ගලයින් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුංකුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහලේ තැන්පත් කර තිබේ. 

කයිට්ස් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.