විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු කරන බව හර්ෂණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.