බසයක් මාර්ගයෙන් ඉවතට පැන 52 ක් රෝහලේ

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අද (19) පස්වරැවේ මූතූර්  පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වන්දනාකරුවන් 52 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුතූර පොලිසිය පවසයි.                 

බස් රථය වන්දනාකරුවන් අනතුර සිදුවන අවස්ථාවේ 59 දෙනෙකු සිත ඇති අතර තුවාල ලැබූ 52  මූතූර්  රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.

ඉන් 50 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ දෑත් වලට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published.