දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.