වැඩි මිලට සහල් විකුණු වෙළෙඳසැල් දෙකකට ලක්ෂ තුනක දඩයක්

උපරිම සිල්ලර මිල ගණන් උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කළ වැල්ලවාය ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට ලක්ෂ තුනක දඩයක් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහිදී දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබියදී, කිලෝ 05ක ඇසුරුමක් කිලෝවක් රුපියල් 350ක් වන ලෙසට අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු ගොනු කරන ලදී. 

ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් 150,000ක දඩයක් නියම කෙරුණි. 

එමෙන්ම යාලබෝව, වැල්ලවාය ප්‍රදේශයේ ආනයනික පොන්නි සම්බා GR 11 සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 240ක් ලෙස නියම කර තිබියදී, කිලෝවක් රුපියල් 260කට වැඩි මිලට සිල්ලරට අලෙවි කිරීම සම්බන්ධයෙන් ද නඩුවක් පවරා තිබේ.

එහිදී එම වරද පිළිගත් විත්තිකරුට ද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 150,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.