මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති පසුබිමකයි.
ඒ අනුව ඊයේ දිනයේ ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබු අතර එහි මිල සටහන් වුණේ ඩොලර් 77.16ක් ලෙසයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වුණු අතර එය 1.51%කින් පහළ ගොස් තිබුනා.
මේ තත්ත්වයත් සමග ඉදිරි සති කිහිපය තුළ මෙරට ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.