බස් දෙකක් ගැටී 22කට තුවාල

පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (03) එම අනතුර සිදුව තිබුණේ මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදීය.

මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් 02ක්, කාන්තාවන් 12ක්, පිරිමි ළමුන් 06ක් සහ ගැහැණු ළමුන් 02ක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.