ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉටු කරන මෙහෙවර එතුමාගේ ඉදිරි සාර්ථකත්වයන්ට නිසැක වශයෙන්ම හේතුවනු ඇති බව පෙන්වා දුන්හ.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, සම්පත් අතුකෝරළ එච්. සී. මුතුකුමාරණ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, පී. හැරිසන්, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.