බස් රථ 4ක් ගිනිගෙන විනාශ වෙයි

බස් රථ 4ක් ගිනිතැබීමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි

අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20) අලුයම එලෙස ගිනිතබා ඇත.

ඒ, වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී ය.

ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.

අසල තිබූ CCTV කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනිතබා පළායන අයුරු සටහන්වී ඇති බවද අප වාර්තාකරු පැවසීය.

පොලීසිය පවසන්නේ ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදුවූ ඇතැයි විශ්වාස කරන බවය.

Leave a Reply

Your email address will not be published.