වැස්සෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය

ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වනවිට නතර කර තිබේ.

වර්ෂාව ඇඳහැලෙන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියේය.

කෙසේ නමුත් පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසා තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට තරග තීරකවරයා තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව කණ්ඩායමට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් මේ වනවිට හිමිව ඇත.

තරගය රාත්‍රී 8.25ට ආරම්භවීමට නියමිතව ඇත

Leave a Reply

Your email address will not be published.