විදෙස් ජාතිකයින් 6 දෙනෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 6 දෙනෙකු සීදුව අමන්දොළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ආගමන විගමන නීති උල්ලඝනය කරමින් විදේශිකයන් පිරිසක් සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 18, 23, 26, 39 හා 43 යන වයස් සීමාවේ පසුවන බංගලිදේශ ජාතිකයින් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.