සාමණේර හිමිට අතවර කළ චීවරධාරියා වසර 7ක් හිරේ

සිය විහාරස්ථානයේ වැඩසිටි බාල වයස්කාර සාමණේර නමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබු 58 හැවිරිදි චීවරධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (29දා) බරපතළ වැඩසහිත වසර හතක සිරදඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී චෝදනා තුනට වෙන් වෙන්ව සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර හතකින් ගෙවීයන ලෙස ලබාදීමට ද නියම කළේය. එයට අමතරව විත්තිකරුට රුපියල් 1500 බැගින් වූ දඩ එනම් රුපියල් 4500ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළේය. මෙයට වසර අටකට පමණ පෙර සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ඉදිරිපත් කළ විමර්ශන වාර්තා අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

Leave a Reply

Your email address will not be published.