රජ යුවළට මඩ පහරක්

පුද්ගලයින් 200කට වැඩි පිරිසකට මරු කැඳවමින් ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් ආපදාවෙන් විපතට පත්වූවන් හමුවීමට එරට ෆිලිපේ රජු සහ ලැටීෂියා රැජින ඊයේ (03) කටයුතු කළේය.

නමුත් ඔවුන්ට එහිදී සිදුවූයේ දැඩි මහජන අප්‍රසාදයකට මුහුණදීමටය.

ඇතැම් පිරිස් රජුට සහ රැජිනට මඩ ප්‍රහාර පවා එල්ලකරමින් ඔවුන් ජනතාව හමුවීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි දැයි සෘජුව විමසා සිටියේ චෝදනා මුඛයෙනි.

එමෙන්ම ඔවුන්, රජු සහ රජය සිය වගකීම් පැහැර හැර ජනතාව මරණයට කැප කළ බවට ද චෝදනා කළේ ඝාතකයා යැයි හඬ නගමිනි.

Leave a Reply

Your email address will not be published.