මූල්‍ය වංචාවලට සම්බන්ධ ලංකාවේ 58ක් CID භාරයට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.