මහ­මැ­ති­ව­ර­ණ­යට සියල්ල සූදා­නම්

මෙරට 10 වැනි පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­ව­රුන් තෝරා පත්කර ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන මහ­මැ­ති­ව­රණ ඡන්ද විම­සීම අද (14) පෙර­වරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැ­ත්වෙයි. නිද­හස් හා සාධා­ර­ණව මෙවර මැති­ව­ර­ණය පැව­ත්වීම සඳහා සියල්ල සූදා­නම් බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය.

ඡන්දය යනු පුර­වැ­සි­යාගේ අයි­තිය හා බලය බවත් ඔබගේ බලය හා අයි­තිය නිවැ­රදි ලෙස පාවිච්චි කිරී­මට හැකි තරම් වේලා­ස­නින් ඡන්ද පොළට ගොස් සිය අයි­තිය ප්‍රකාශ කරන ලෙස මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­ප­ති­ව­රයා ඡන්ද දාය­ක­ය­න්ගෙන් ඉල්ලා සිටියි.

මෙවර මැති­ව­ර­ණය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේ­ක්ෂ­ක­යන් ඇතු­ළුව අපේ­ක්ෂ­ක­යන් 8,888ක් තර­ග­ව­දින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදු­සු­කම් ලබා ඇති ඡන්ද දාය­ක­යන් ගණන 17,140,354කි.

දිව­යින පුරා ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421කදී ජන­තාව ඡන්දය ප්‍රකාශ කිරී­මට නිය­මි­තය.

මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා දේශ­පා­ලන පක්ෂ­ව­ලින් 5006ක් සහ ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් 3346ක් ඉදි­රි­පත් වී සිටියි. ඒ අනුව තරග කරන සමස්ත අපේ­ක්ෂ­ක­යන් ගණන 8352කි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරද සමඟ පාර්ලි­මේ­න්තුව සඳහා තෝරා පත්කර ගැනෙන්නේ මන්ත්‍රී­ව­රුන් 225කි.

ඡන්ද ගණන් කිරීමේ කට­යුතු ඡන්දය ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබී­මෙන් පසුව පස්වරු 7.15න් පසුව ආරම්භ කරන බව කොමි­සමේ සභා­පති රත්නා­යක මහතා පැව­සීය. ඡන්ද බල­ප්‍ර­දේ­ශ­වල ප්‍රති­ඵ­ලය හා දිස්ත්‍රික් ප්‍රති­ඵ­ලය මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ල­යෙන් නැවත පරීක්ෂා කර අනු­මත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බැවින් නිල නොවන ඡන්ද ප්‍රති­ඵල නිකුත් කිරී­මෙන් වළ­කින ලෙස ද සභා­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය. ඡන්ද කාඩ්ප­තක් නොලැ­බු­ණත් ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ ලියා­ප­දිංචි වී ඇත්නම්, අන­න්‍ය­තාව තහ­වුරු කෙරෙන පිළි­ගත් ලිය­වි­ල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා කියා සිටි­යේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳු­නු­ම්පත, වලංගු විදේශ ගමන් බල­ප­ත්‍රය, වලංගු රියැ­දුරු බල­ප­ත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, වැඩි­හිටි හැඳු­නු­ම්පත, පූජ්‍ය/පූජක හැඳු­නු­ම්පත, ජාතික හැඳු­නු­ම්ප­තෙහි තොර­තුරු තහ­වුරු කිරීමේ ලිපිය, ආබා­ධිත පුර­වැ­සි­යන් සඳහා මැති­ව­රණ කොමි­සම නිකුත් කර ඇති තාව­කා­ලික හැඳු­නු­ම්පත, මැති­ව­රණ කොමි­සම අනෙ­කුත් පුද්ග­ල­යන්ට නිකුත් කර ඇති තාව­කා­ලික හැඳු­නු­ම්පත භාවිතා කළ හැති බව ද සභා­ප­ති­ව­රයා කියා සිටි­යේය.

Leave a Reply

Your email address will not be published.