බඩෝවිට අසංකගේ ගෝලයෙක් අත්අඩංගුවට

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු බඩෝවිට අසංක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ගෝලයකු බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

විශේෂ කාර්ය බළකාය මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 65 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200 ක් සොයාගෙන ඇත අතර වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published.