උපන්දිනය දා අවසන් ගමන් ගිය අශාන්

කෑගල්ල තෙලිඇල්ලේ ගිලී වයස අවුරුදු 27ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ උපන්දින සාදය සමරමින් සිටියදී මෙම අනතුරට ලක්වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

කෑගල්ල තෙලිඇල්ල ප්‍රදේශයේ බොහෝදෙනා නිතර විවේකය ගත කිරීම සඳහා පැමිණෙන සුන්දර ස්ථානයකි.

කෑගල්ලේම පදිංචි අශාන් ප්‍රබෝධ නම් තරුණයා සිය 27 වැනි උපන්දින සාදය සැමරීම සඳහා තෝරාගෙන තිබුණේද මෙම සුන්දර තෙලිඇල්ලයි.

කෙසේවෙතත් මෙම පිරිස ඇල්ල අසළ බොහෝ වේලාවක් මත්පැන් පානය කරමින් සිට ඇති බවට ප්‍රදේශවාසින් පවසයි.

අනතුරුව පිරිස ඇල්ලේ ස්නානය කරමින් සිටින අතරතුර මෙම වයස අවුරුදු 27ක තරුණයා දියේ ගිලී තිබේ.

අදාළ තරුණයාගේ දේහය ඇල්ලේ පාවෙමින් තිබියදී ඊයේ (18) පස්වරුවේ සොයාගැනුණි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා ලබන සතියේ විදෙස් ගතවීම සඳහා සූදානමින් සිටි තරුණයෙක් බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.