අලුත්වැඩියා කරමින් තිබූ පාලමක් කඩාවැටී පුද්ගලයෙක් මරුට

ගාල්ල, නාගොඩ බද්දේගම මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලමක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (21) සවස එම පාලම කඩාවැටී මියගොස් තිබේ.

පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්ය.

මළසිරුර ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු නාගොඩ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.