ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ අසලින් ගොස් තමිල්නාඩුවට ඇතුළුවීමට නියමිත සුළි කුණාටුව ‘ෆෙන්ගාල්’ ලෙස නම්කර තිබේ. පීඩන අවපාතයක් ලෙසින් නිර්මාණය වූ මෙම කුණාටුව වර්ධනය වූයේ මඩකලපුවට කිලෝමීටර් 500ක් ගිනිකොන දෙසට වන්නටය.
මෙම කුණාටුව බ්‍රහස්පතින්දා (28දා) දිනයේ තමිල්නාඩුවට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ සුළි කුණාටුව නිසා උතුර, නැඟෙනහිර ඇතුළු බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරාම අධික වැසි ඇදහැලේ. මේ අධික වර්ෂා තත්ත්වය බ්‍රහස්පතින්දායින් පසුව අඩු වී යනු ඇත.