කොටි ත්‍රස්තවාදීන් විසින් පොළොව යට සඟවා ඇතැයි කියන රන් ආභරණ ගොඩ ගැනීමට පැමිණ ඇතැයි කියන යුද හමුදා බි්‍රගේඩියර්වරයකු යැයි කියාගත් පුද්ගලයකු, සෙබළුන් දෙදෙනකු සමග පුද්ගලයන් 8 දෙනෙක්, රථවාහන 4ක්, යුද හමුදා නිල ඇඳුම් කීපයක් වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24 දා) උදේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් බදුල්ල, නොච්චියාගම, මිණිපුර ගම, මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව වැලිකන්ද පොලිසිය කියයි.
සැකකරුවන් කොටි ත්‍රස්තවාදීන් විසින් වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ වළදා ඇතැයි කියන රන් ආභරණ ඇසුරූ බැරල් එකක් පොළොව යට සඟවා ඇති බවද, එම රන් ආභරණ ගැනීම සඳහා වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන රැඳී සිටින අවස්ථාවේ එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ළඟ තිබී බි්‍රගේඩියර් වරයකු ලෙස භාවිතා කරන ව්‍යාජ හැඳුනුම්පතක් යුදහමුදා නිල ඇඳුමක් අත්අඩංගුවට ගත් බවත් මොහු බි්‍රගේඩියර්වරයකු නොවන බවද පොලිස් විමර්ශනවලින් පසු හෙළිදරව් වී ඇත.
සැකකරුවන් පැමිණි මෝටර් රථ 3ක් සමග කැබ් රථයක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්තද සිල්වා, සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා යන මහතුන්ගේ උපදෙස් පරිදි සිරිපුර පොලිසියට අනුයුක්ත වැලිකන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. එස්. අයි. රාජපක්ෂ, උ.පො.ප. ප්‍රනාන්දු, පො.සැ. (70985) දිසානායක, (78658) ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.