ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන් විරාමය ඇරඹේ

වසරකට අධික කාලයක් පැවැති යුද්ධය නිමාවට පත් කරමින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27දා) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත.

පසුගිය මැයි මාසයේදී ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනු ලැබිණ.

අමෙරිකාවේ සහ ප්‍රංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සාකච්ඡා සාර්ථක වී සටන් විරාමයකට එළඹී අතර ගිවිසුම සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අමෙරිකාව සමග එක්ව කැපවන බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් ද සඳහන් කර ඇත.

සටන් විරාම ගිවිසුමට අනූව මාස 2ක් ඇතුළතල ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කරගත යුතු අතර ලෙබනන දේශසීමා ආශ්‍රිත භූමියට එරට හමුදා අනුයුක්ත කර ස්වෛරී පාලනයක් පවත්වා ගැනීම ද එක් කොන්දේසියකි.
ඊශ්‍රායල- හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනි දාය.

Leave a Reply

Your email address will not be published.