තවත් විභාග දෙකක් කල් යයි

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක් කල්දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.ඒ අනුව ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය සහ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය මෙලෙස කල්දමා ඇත.
අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් නැවත එම විභාග පැවැත්වෙන දින අයැදුම්කරුවනට දැනුම්දෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.