බුලත්කොහුපිටිය, ඉහල නෙව්ස්මියර්ල අංක 3 කොටසේ පුද්ගලයෙකුගේ බෙල්ල ප්‍රදේශයට රිලවෙකු විසින් අත හරින ලද කුරුම්බා කොම්බයක් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙන බව ප්‍රදේශවාසී ජනතාව පවසති.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක් පමන වන ඒ .ජී ජයසේන නැමති එක් දරු පියෙකි. අදාල පුද්ගලයා පසුගිය මස 27 වන දින නිවස ආසන්නයේ ඇති පොල් ගසකින් වැටුනු ගොඩියක් අහුලා ගැනීමට යාමේ දී එම ගසේ සිටි රිලවුන් විසින් දමන ලද කුරුම්බා කෝම්බයක් අදාල පුද්ගලයාගේ බෙල්ල මතට වැටී තිබේ.
අනතුරුව එම පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී දැඩි සත්කාර අංශයට ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.