අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත්කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භකළ විරෝධතාවය අතරතුර දී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
එහිදි කලහාකාරී ලෙස හැසිරුනු විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදුවිය