වසර 105කට පසු ඔක්ස්ෆර්ඩ් යන අපේ හාමුදුරුවෝ 

වසර 105කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් සුදුසුකම් ලබා තිබේ.

එම අවස්ථාව හිමිවී ඇත්තේ පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ ට ය.

මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපන් උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.
 
උන්වහන්සේට දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සහ ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් බව එම විශ්වවිද්‍යාලය පවසයි.

මීට පෙර ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වරම් හිමිකරගත්තේ 1919 වසරේදී ය. ඒ පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් ය.

Leave a Reply

Your email address will not be published.