යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

දොඩන්ගොඩ, ගැටගහහේන නෑහින්න මාර්ගයේ නෑහින්න ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ යතුරුපැදියක් ගසක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව දොඩන්ගොඩ පොලීසිය පවසයි.

ගැටගහහේන දෙස සිට නෑහින්න දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු නාගොඩ හා විල්පාත රෝහල්වලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මරණකරුවන් අවුරුදු 37 හා 42 යන වයස්වල පසුවන නෑහින්න හා නෑබඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ මෘත ශරීරයන් එම රෝහල්වල මෘත ශරීරාගාර වල තැන්පත් කර ඇත.

දොඩන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.