නාවික හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය ‍අද (09) අභිමානවත්ව සමරනු ලැබේ.

ඊට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද සිට උසස් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකර ඇත.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පුණ්‍යකර්මයක්‌ වැලිසර නාවික සංකීර්ණයේදී පසුගියදා පවත්වන ලදි.

Leave a Reply

Your email address will not be published.