පුත්තලම, බෝලවත්ත හන්දිය ප්‍රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක කාන්තාවක සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර් කුමාර් පොන්නම්බලම් මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර පසුවන යාචක කාන්තාවක බව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා ඊයේ (8)කොළඹ ප්‍රදේශයට පැමිණ නැවත යාපනය බලා ජීප් රථයේ ගමන් කරමින් සිටියදී පුත්තලම කොළඹ මාර්ගයේ බෝලවත්ත හන්දිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හැපී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාද ජීප් රථයේ ගමන් කරමින් සිට ඇත.
එම අනතුර සම්බන්ධයෙන් ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව පොලිසිය කියයි.