ගාල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.