පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අලුතින් මුද්දර දෙකක් 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර දෙකක් නිකුත් කර තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පුස්තකාලයේදීයි.

මේ අනුව රුපියල් 20 සහ රුපියල් 70 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කර ඇත.

මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය උදා වන බව සඳහන්ය. 

Leave a Reply

Your email address will not be published.